ව්‍යාපාරයේ හඬ කියවීමට මිනිත්තු 9

නව මාධ්‍ය අවකාශ තුළ ස්ත්‍රීවාදී හඬ බලගැන්වීම: Sisterhood මාධ්‍ය කණ්ඩායම ගොඩනැඟීම

Sisterhood Media Team යනු අපගේ අනාගත නායකත්වය පෝෂණය කරන, ස්ත්‍රීවාදී අදහස් නව මාධ්‍ය අවකාශ තුළ ප්‍රබල කරන සහ සමාජ වෙනසක් වෙනුවෙන් නිර්මාණාත්මකව මැදිහත් වන තරුණ බලවේගයයි.

නව මාධ්‍ය අවකාශ තුළ ස්ත්‍රීවාදී හඬ බලගැන්වීම: Sisterhood මාධ්‍ය කණ්ඩායම ගොඩනැඟීම

වර්තමාන ඩිජිටල් සමාජය තුළ ස්ත්‍රීවාදී අදහස් ප්‍රචාරණය කිරීම සඳහා නව මාධ්‍ය වේදිකා ඵලදායී ලෙස භාවිත කිරීම අත්‍යවශ්‍ය වී තිබේ. විශේෂයෙන්ම ෆේස්බුක්, ටික්ටොක්, වට්ස්ඇප් සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය වේදිකා ස්ත්‍රීන්ගේ අත්දැකීම්, අයිතිවාසිකම් සහ සමාජ ගැටලු පිළිබඳ මහජන සංවාදයක් ගොඩනැඟීමට වැදගත් අවකාශ සපයයි. එහෙත් මෙම අවකාශ තුළ ස්ත්‍රීවාදී හඬ ප්‍රබල කිරීම සඳහා මාධ්‍ය ප්‍රවේශය පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ස්ත්‍රීවාදී දේශපාලන අවබෝධය, විචාරාත්මක චින්තනය සහ නිර්මාණාත්මක මාධ්‍ය කුසලතා සහිත නව පරම්පරාවක් ගොඩනැඟීම ද අවශ්‍ය වේ.

මෙම අවශ්‍යතාව හඳුනාගනිමින් Sisterhood විසින් 2026 වසරේදී තරුණ කණ්ඩායමක් බලගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී. එහි මූලික අරමුණ වූයේ ස්ත්‍රීවාදී අදහස් පිළිබඳ ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීම මෙන්ම, එම අදහස් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ පුළුල් සමාජයකට සන්නිවේදනය කිරීමට අවශ්‍ය ප්‍රායෝගික කුසලතා ලබාදීමයි. ඒ අනුව, ස්ත්‍රීවාදී දෘෂ්ටිකෝණයකින් සමාජය විශ්ලේෂණය කිරීම පිළිබඳ අවබෝධය සමඟ කෙටි චිත්‍රපට නිෂ්පාදනය සහ දෘශ්‍ය කතාන්දරකරණය සම්බන්ධ ප්‍රායෝගික දැනුම ද ඔවුන් වෙත ලබාදෙන ලදී.

මෙම වැඩසටහනේ විශේෂත්වය වන්නේ තරුණයන්ට දැනුම ලබාදීමෙන් පමණක් නොනැවතී, එම දැනුම සමාජ වෙනසක් සඳහා භාවිත කිරීමට අවශ්‍ය ක්‍රියාකාරී අවකාශයක් නිර්මාණය කිරීමයි. ඒ අනුව, පුහුණුව ලැබූ තරුණ කණ්ඩායම මේ වන විට Sisterhood Media Team ලෙස සංවිධානය වී අප සමඟ එක්ව කටයුතු කරයි. ඉදිරියේදී ස්ත්‍රීන්ගේ ජීවිත අත්දැකීම්, ඔවුන් මුහුණදෙන සමාජ අසාධාරණතා සහ ස්ත්‍රීවාදී දේශපාලන අදහස් පදනම් කරගත් කෙටි චිත්‍රපට හා රීල්ස් (Reels) නිෂ්පාදනය කිරීමට ද ඔවුහු සූදානම්ව සිටිති.

මෙම මුලපිරීම හුදෙක් මාධ්‍ය නිෂ්පාදන කණ්ඩායමක් ගොඩනැඟීමක් ලෙස පමණක් නොව, ස්ත්‍රීවාදී දැනුම නිර්මාණය කිරීමේ සහ සමාජගත කිරීමේ ක්‍රියාවලියට තරුණ පරම්පරාව සක්‍රීයව සම්බන්ධ කරගැනීමක් ලෙස ද සැලකිය හැකිය. එමඟින් තරුණයන් මාධ්‍ය අන්තර්ගත පරිභෝජනය කරන පිරිසක් ලෙස පමණක් නොව, සමාජ යථාර්ථය විචාරාත්මකව ප්‍රශ්න කරන සහ විකල්ප අදහස් නිර්මාණය කරන ක්‍රියාකාරී පිරිසක් බවට පත්වීමට අවකාශ සැලසේ.

Sisterhood හි 2026 වසරේ ප්‍රධානතම ජයග්‍රහණයක් ලෙස මෙම කණ්ඩායම ගොඩනැඟීම හඳුනාගත හැකිය. මන්ද, සංවිධානයක දිගුකාලීන පැවැත්ම සහ දේශපාලන බලපෑම රඳා පවතින්නේ එහි වර්තමාන ක්‍රියාකාරකම් මත පමණක් නොව, අනාගත නායකත්වය ගොඩනැඟීමේ හැකියාව මත ද වන බැවිනි. ඒ අනුව, Sisterhood Media Team යනු අපගේ අනාගත නායකත්වය පෝෂණය කරන, ස්ත්‍රීවාදී අදහස් නව මාධ්‍ය අවකාශ තුළ ප්‍රබල කරන සහ සමාජ වෙනසක් වෙනුවෙන් නිර්මාණාත්මකව මැදිහත් වන තරුණ බලවේගයකි.

මෙම කණ්ඩායම ගොඩනැඟීම තුළින් Sisterhood අපේක්ෂා කරන්නේ ස්ත්‍රීවාදී අදහස් ප්‍රචාරණය කිරීම පමණක් නොව, එම අදහස් වෙනුවෙන් කතා කරන, ඒවා නිර්මාණාත්මකව සමාජගත කරන සහ අනාගත ස්ත්‍රීවාදී ව්‍යාපාරයේ වගකීම් භාරගැනීමට සූදානම් නව පරම්පරාවක් බිහිකිරීමයි.

මෙම ලිපිය බෙදාගන්න

Facebook X WhatsApp

සම්බන්ධිත ලිපි

ආර්ථික යුක්තිය කියවීමට මිනිත්තු 8

අනං මනං පොළ: ග්‍රාමීය ස්ත්‍රීන්ගේ ආර්ථික නිදහස වෙනුවෙන්

'අනං මනං පොළ' හරහා අප උත්සාහ කළේ එම සීමාවන් බිඳ දමමින්, මෙම ස්ත්‍රීන්ට තම නිෂ්පාදන සෘජුවම පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට අවස්ථාවක් සලසා දීමයි. එය භාණ්ඩ මිලදී ගැනීමට හ...

වැඩිදුර කියවන්න
ව්‍යාපාරයේ හඬ කියවීමට මිනිත්තු 10

අභිසාරී: ලිංගික ශ්‍රමික ස්ත්‍රියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ස්ත්‍රීවාදී මැදිහත්වීමක්

අපගේ අරමුණ ලිංගික ශ්‍රමික ස්ත්‍රියකගේ ජීවිතය දෙස අනුකම්පාවෙන් පමණක් බැලීම නොව, ඇයගේ අයිතිවාසිකම් පිළිගන්නා, ඇයගේ හඬට සවන් දෙන සහ ඇයගේ මනුෂ්‍ය ගෞරවය ආරක්ෂා කරන සමාජයක...

වැඩිදුර කියවන්න
ව්‍යාපාරයේ හඬ කියවීමට මිනිත්තු 8

ස්ත්‍රීවාදී අදහස් ප්‍රචාරණය සඳහා චිත්‍රපට ප්‍රදර්ශනය: කටවහපං සිරියාවතී

ස්ත්‍රියකගේ හඬ ශක්තිමත් කිරීම යනු ඇයට කතා කිරීමට පමණක් අවස්ථාව ලබාදීම නොවේ. ඇය පවසන දේට සවන් දීම, ඇගේ අත්දැකීම් පිළිගැනීම සහ ඇගේ තීරණ ගැනීමේ අයිතියට ගරු කිරීම ද ඊට ඇ...

වැඩිදුර කියවන්න