ස්ත්රීන්ට යුක්තිය ඉටු කරන සහකම්පනීය පොලිස් සේවයක් වෙනුවෙන්
ස්ත්රීන්ට එරෙහි හිංසනයෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා ස්ත්‍රීන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට සහාය දෙන ආයතනවල සංවේදීතාව වර්ධනය කිරීම ද වැදගත්ය.
අයුක්තියකට, අසාධාරණයකට හෝ අතවරයකට මුහුණ දෙන ස්ත්‍රියකට යුක්තිය සොයා යාමේදී හමුවන ප්‍රධාන බාධකයක් වන්නේ පොලිසිය ඉදිරියේ පැමිණිල්ලක් කිරීමට ඇති බිය සහ පසුබෑමයි. තමන්ට සිදු වූ දේ පිළිබඳව විවෘතව කතා කිරීමට ඇති අපහසුතාව, සමාජ අපකීර්තියට ඇති බිය සහ පොලිස් නිලධාරීන්ගෙන් සහකම්පනයෙන් යුතු ප්‍රතිචාරයක් නොලැබේය යන සැකය ඊට හේතු විය හැකිය.
Sisterhood ලෙස අප හඳුනාගත් කරුණක් වන්නේ, අසාධාරණයකට මුහුණ දුන් ස්ත්‍රියකගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පොලිසිය සහ එහි නිලධාරීන් සංවේදීව මැදිහත් නොවීම ඇය තවදුරටත් පීඩාවට පත් කිරීමටත්, යුක්තිය සොයා යාමෙන් ඇය අධෛර්යමත් කිරීමටත් හේතු විය හැකි බවයි.
මෙම තත්ත්වය වෙනස් කිරීමේ අරමුණින් ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රිතව සේවය කරන පොලිස් නිලධාරීන් පිරිසක් සඳහා ධාරිතා සංවර්ධන වැඩසටහනක් පැවැත්වීමට Sisterhood කටයුතු කළේය. ස්ත්රීන්ගේ අත්දැකීම් සංවේදීව අවබෝධ කරගැනීම, ඔවුන්ගේ පැමිණිලිවලට ගෞරවයෙන් සවන් දීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳ අවධානය යොමු කිරීම මෙවැනි වැඩසටහන්වල මූලික අරමුණයි.
නීතිය ක්‍රියාත්මක කිරීම යනු නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පමණක් සීමා වූ කාර්යයක් නොවේ. යුක්තිය අපේක්ෂාවෙන් පැමිණෙන පුද්ගලයාට ගෞරවයෙන් සලකමින්, සහකම්පනයෙන් සවන් දෙමින් සහ සාධාරණව මැදිහත් වීම ද එහි අත්‍යවශ්‍ය අංගයකි.
ස්ත්රීන්ට එරෙහි හිංසනයෙන් තොර සමාජයක් ගොඩනැගීම සඳහා ස්ත්‍රීන් දැනුවත් කිරීම මෙන්ම ඔවුන්ට සහාය දෙන ආයතනවල සංවේදීතාව වර්ධනය කිරීම ද වැදගත්ය.
Sisterhood හි අපේක්ෂාව වන්නේ, අසාධාරණයකට මුහුණ දුන් ස්ත්‍රියකට පොලිසිය ඉදිරියට යාම තවත් බියකරු අත්දැකීමක් නොව, යුක්තිය කරා යාමට විශ්වාසයෙන් තැබිය හැකි පළමු පියවරක් බවට පත් කිරීමයි.